ව්‍යාපෘති
ජාතික සාම මණ්ඩලයේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලූවට දේශීය ප්රවේශයක්් තුළින් දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා තෝරා ගත් කණ්ඩායම් තුළ පුද්ගල හැකියා දියුණු කිරීම, පුහුණු කිරීම, දැනුවත් කිරීම සහ පර්යේෂණ පැවැත්වීමයි. ඒ සඳහා පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
- අන්තර් ආගමික සාමූහිකත්වය තුළින් සමාජ ඒකාබද්ධතාවය ඇති කිරීම, ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක අන්තර් ආගමික නායකයින් සහ සිවිල් සමාජ නායකින්ගෙන් සමන්විත දිස්ත්‍රික් කමිටු මේ ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති අතර එම කමිටු මගින් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ මානුෂීය අවශ්‍යතා ගැන සොයා බැලීම සිදු කෙරේ.
- සාමය සඳහා හවුල්කාරීත්වය - තිරසර සාමය ගොඩනැගීම සඳහා දිවයින පුරා විසිරුණු සංවිධාන ජාලයක් මගින් රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූල සංවිධානවල ශක්තිය හා හැකියාවන් වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.
- රාජ්‍ය සහ සිවිල් සමාජ හවුල්කාරීත්වය තුළින් වැඩි දියුණු කරන ලද සේවා සැපයීම - ශ්‍රී ලංකාවේ බලය බෙදා හදා ගැනීම පිළිබඳ යාන්ත්‍රණයක් ගොඩනැගීම සහ වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද දිගු කාලීන ව්‍යාපෘතියක තෙවැනි අදියරයි. මහ නගර සභා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනතාවට ප්රශස්ත සේවාවන් සැපයීම සඳහා ගාල්ල සහ යාපනය මහ නගර සභා දෙක අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීම මෙම ව්‍යාපෘතිය යටතේ අපේක්ෂා කෙරේ.