The National Peace Council (NPC)

ta  en  getsinhala2

ජයග‍්‍රාහී දිනයේ සිට සිහි කිරීමේ දිනයට මාරුවීම

2009 වසරෙන් පසුව මැයි 18 වන දිනය බෙදීයාමේ හැඟීම් ඇතිකරන දිනයක් විය. උතුරේ යුද පිටියකදී යුද්ධය අවසන් වූ දිනය මෙය විය. දශක තුනක කාලයක් රටපුරා පැතිරී පැවැති ත‍්‍රස්තවාදයේ නිමාව හා සාමයේ උදාව මෙයින් අදහස් විය. එය රටේ උතුරේ හා නැගෙනහිර ප‍්‍රදේශ වෙන්කර ගැනීමට එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයට සහාය දුන් දමිළයින්ට කිසිවක් ලබානොගත් අරගලයක අවසානය විය. මෙය තම කි‍්‍රයාමාර්ග සාධාරණීකරණය උදෙසා ශ‍්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ ය විවිධ වූ තර්කයන් යොදාගත්, වෙනස් ස්වභාවයේ අර්ථ දක්වන ලද පූර්ණ වශයෙන්ම වෙනස් වූ කි‍්‍රයාමාර්ග දෙකක් බව බි‍්‍රතාන්‍ය දමිළ සංසදයේ සභාපති එස්.ජේ. එමානුවෙල් පියතුමා බෙදා දක්වයි. රජයට එය ද්‍රවිඩ ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් සහ යුද්ධයේ අවසන් කිරීමකි. සාමයේ ආරම්භයකි. එහෙත් දමිළයිනට එය තවත් සිවිල් ජනතාවක් සහ සටන්කාමීන් පිරිසක් ඝාතනය කිරීමකි. සිරභාරයට ගැනීම ව්‍යාප්ත කිරීමකි. තවදුරටත් යුදකාමීත්වය වැපිරීමකි. ඉඩම් කොල්ලයකි. පුද්ගලයින් අතුරුදහන් කිරීමකි. ’’

සිහිකිරිම එක්සත් කිරීමේ හෝ බෙදිම් පැතිරවීමේ කි‍්‍රයාවක් විය හැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් මැයි 18 වනදා කොළඹදී පවත්වනු ලබන ‘‘වීරයින් මුදාගත් මව්බිම ආරක්‍ෂා කර ගනිමු’’ ජයග‍්‍රාහී දින රැුස්වීම ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත් අපගේ රණවිරුවන් සිදුකළ උත්සාහයන් සුළු කොට තැකීමට ගන්නා උත්සාහයන්ට ප‍්‍රතිරෝධ දැක්වීමේ රැුස්වීමක් ලෙස එහි සංවිධාකයින් දක්වා ඇත. හිපටු ජනාධිපතිවරයා තම දේශපාලන වැඩසටහනේ ප‍්‍රධාන කටයුක්ත එල්.ටී.ටී.ඊ පරදවා ජය ලබාගැනීම ලෙස සලකන ලදී. එම ජයග‍්‍රහණය ජනතාවගේ බහුතරයක් තුළ ජාතික අභිමානය ඇති කිරීමටත් ඒ මඟින් ඡුනද විමසීම් වලින් බහුතර ස්ථානයක් ලබා ගැනීමටත් එකල රජය නැවත නවතත් එය භාවිතා කරන ලදී. එම නිසා මැයි 18 වන දිනය යුද්ධයේ ජයග‍්‍රහණය සිහිපත් කිරීමේ දිනයක් බවට පත්විය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය මැයි 18 වන දිනය සිහිකිරීමේ දිනයක් ලෙස නැවත නිර්වචනය කිරීමට ගත් තීරණය ඉතා වැදගත් සේ සැලකිය හැකි අතීතයෙන් කැඞී වෙන්වීමක් සනටුවහන් කරයි. එහෙත් එය පූර්ණ කැඞී වෙන්වීමක් නොවේ. දකුණේ හදවත වැනි මාතර නගරයේ මෙම දේශපාලනික ප‍්‍රායෝගික සිද්ධිය පැවැත්වීමට ගත් රජයේ තීරණය වෙනසක් සහිත අතීත කි‍්‍රයාමාර්ගයක් ලෙස පෙනේ. මෙහිදී අතීතයේදී මෙන් ජනාධිපතිවරයා සහභාගීවන හමුදා පෙලපාලියක් පැවැත්වේ. මෙම සිද්ධියේදී රටේ භෞමික අඛණ්ඩතාව සහතික කිරීමට ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන් සිදුකළ කැපවීම හා එල්.ටී.ටී.ඊ ය හා එහි බෙදී වෙන්වීමේ ව්‍යාපාරය මැඩලූ යුදමය ජයග‍්‍රහණය ප‍්‍රධාන තේමාව වේ. එහෙත් මෙම අවස්ථාවේදී පසුගිය යුද්ධයේදී තම ජීවිත අහිමිවූ සියලූම දෙනා සිහිපත් කරන බවද රජය ප‍්‍රකාශයට පත්කර තිබේ. 

පිළිගත හැකි වෙනසක්
සිහිපත් කිරීමේ දිනයක් හරහා යුද්ධය නිසා හානි වූ සියලූම ජීවිත කෙරෙහි අවධානය යොමුකිරීමට ගත් රජයේ තීරණය අගය කළ යුත්තකි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය යටතේ විවෘතව පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රීය ඉඩකඩ ප‍්‍රතිසංධාන කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම සඳහා යොදාගත යුතු අතර එය බෙදුම්වාදී දේශපාලන ප‍්‍රකාශන මඟින් පටු දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා භාවිතා නොකළ යුතුය. දේශපාලන නායකයින්ගේ වගකීම වන්නේ සියලූම ප‍්‍රජාවන් අතර ප‍්‍රතිසංධානය ගොඩනැංවීමය. එමනිසා ද්‍රවිඩ යුදවාදයට තුඩුදුන් දමිළ ජනයාගේ නිර්ව්‍යාජ දුක්ගැනවිලි සඳහා වහාම ප‍්‍රතිකර්ම යෙදිය යුතුය. මේ අනුව මැයි 18 වනදා සිහිපත් කිරීමේ දිනයක් ලෙස රජය නැවත නිර්වචනය කිරීම ජාතික ප‍්‍රතිසංධානය කි‍්‍රයාවලිය උදෙසා වන ඉදිරි පියවරක් වේ.

ජනවාරි 8 වන දින සිදුවූ ජනාධිපතිවරණයෙන් පසුව රජය තුළ ඇතිවූ වෙනස හේතුවෙන් රජය හා දමිළ ජනතාව අතර අලූත් සබඳතා වර්ධනය වෙමින පවතී. දමිළ හා මුස්ලිම් ජනතාව බහුතරයක්ම පවත්නා සෑම ඡුන්ද කොට්ඨාශයකින්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලද බහුතර ඡුන්ද සංඛ්‍යාව හේතුවෙන් ඔහුට ජයග‍්‍රහණය ලබාගැනීමට හැකිවිය. වාර්ගික සුළුතරයන් තමන් විශ්වාස කළ බව ජනාධිපතිවරයා හොඳින් දනී. ඡුන්ද විමසීමෙන් අනතුරුව ඔහු හා රජයේ මුල්පෙළ සාමාජිකයින් රටේ පවත්නා බහුවාර්ගික හා බහු ආගමික ස්වභාවය සහ ජන සමාජය ප‍්‍රජාතන්ති‍්‍රක ආකාරයෙන් පාලනය කිරිමේ අවශ්‍යතාවය ඔහු ප‍්‍රසිද්ධියේම පිළිගෙන තිබේ.

ඡුන්ද විමසීමෙන් පසුව ජනාධිපති සිරිසේන මහතා තමා විසින් විසඳන ලද හදිසි දමිළ දුක්ගැනවිලි පිළිබඳවත්, විසඳීමේ කටයුතු සිදුකරගෙන යන දුක්ගැනවිලි ගැනත් සහතික වී ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර වරුන් ලෙස කලින් පත් කරන ලද හිටපු සෙන්පතිවරුන් දෙදෙනා වෙනුවට වාර්ගික සුළුතරයන්ගේ සංවේදීභාවය හා අපේක්‍ෂාවන් පිළිබඳව මනා දැනුමක් ඇති පූර්ණ වශයෙන් සිවිල් ජන කොටසට අයත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කරන ලදී. උතුරුට පත් කරන ලද පලිහක්කාර ආණ්ඩුකාරවරයා ජාත්‍යන්තර සහාය ලද රටේ ප‍්‍රතිසංධාන ගතවීම උදෙසා මාර්ග සිතියමක් සපයාදුන් උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ සාමාජිකයෙකි. නැගෙනහිර පළාතට පත්කරන ලද ඔස්ටින් ප‍්‍රනාන්දු ආණ්ඩුකාරවරයා එල්.ටී.ටී.ඊ ය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම මඟින් යම් ආකාරයක සාකච්ඡුාමය යුද අවසන් කරීමක් පිළිබඳ ඉහළ අපේක්‍ෂා ඇතිව කටයුතු කළ අයෙකි.

අන්‍යෝන්‍ය සිහපත් කිරීම
තම අපේක්‍ෂාවන් ඉටුකිරීමට නීතිමය කි‍්‍රයාමාර්ග හේතුවෙන් යම් මන්දාගාමී බවක් පෙනීගියද උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පසුගිය රජය අත්පත් කරගත් මහජනයාට අයත්ව තිබූ ඉඩම් ආපසු ඔවුනට පවරාදීමට ජනාධිපති සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් රජය මෑතක සිට කටයුතු කර ඇත. සිවිල් සමාජ කි‍්‍රයාකාරකම්වලට හා දමිළ ජනයාට වැඩි දේශපාලන බලයක් බෙදාගැනීම සඳහා හඬක් නැඟීම වැනි කටයුතුවලට දැන් වැඩි ඉඩක් ලබාදී තිබේ. මැයි 18 වන දා පවත්නා සන්දර්භය තුළ දමිළ ජනයාට සිදුවූ අහිමිවීම් සිහිපත් කිරීමට හා ඒ සම්බන්ධ ගැටලූ විසඳාගැනීමට උතුරේ සිවිල් හා දේශපාලන කණ්ඩායම්වල අලූත් පිබිදීමක් දක්නට ඇත. උතුරේ මියගිය අය සිහිකිරීමේදී දමිළ යුද භටයින් අනිවාර්යෙන්ම ඇතුළත් වනු ඇත. ඒඅ ය උතුරේ ජනයාගේ නෑ මිතුරන් වන හෙයිනි. පටු හා බෙදා වෙන්කිරීමේ අරමුණ සඳහා මැයි 18 යොදා නොගැනීම සහතික කිරීම අනාගතයේදී ඇතිවන අභියෝගයක් වේ. 2009 සිට දමිළ එල්.ටී.ටී.ඊ ය සිහිපත් කිරීමට රජය අවසර දීමක් කළේ නැත. උතුරේ හා නැගෙනහිර සිදුකරන ජනතා සිහිපත් කිරීම් සියල්ලටම රජය දැඩි අවහිර පනවා තිබිණි. ජීවිත අහිමිවූවන් කෙරෙහි මතුපිටින් පමණක් දක්වන දුක්වීම් වලදී පවා එය වළක්වාලීමට කටයුතු කර ඇත. මෙයට හේතුව යුද්ධයේ අවසන් අවධියේදී එල්.ටී.ටී.ඊ හා සිවිල් ජන අහිමි වීම් වෙන්කොට හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙනි. මේ අවස්ථාවේදී ද මැයි 18 වන දින උතුරේ ප‍්‍රසිද්ධ සිහිපත් කිරීමකට අවසර දීමට රජය අකමැතිවී තිබේ. එවැනි සිහිපත් කිරීම් යාපනයේ සිදුකිරීම් වළක්වාලීමට රජය අධිකරණයේ නියෝගයක් ලබාගෙන ඇත. මෙයට හේතුවූයේ උතුරේ ජනතාවට හා සිවිල් සමාජවලට අයත් සමහර කොටස් මිනිස් ඝාතන සතියක් ප‍්‍රකාශ කිරීමට සැලසුම් කර තිබූ හෙයිනි.

ජීවිත අහිමිවූවන් සියල්ලම සිහිපත් කිරීමේ දිනයක් තිබිය යුතු බව හා යුද්ධය සාමූහික ඛේදාන්තයක් ලෙස බැලිය යුතු බව පසුගිය රජය පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශවලින් එකකි. ආරක්ෂක හමුදාවේ හෝ එල්.ටී.ටී.ඊ යේ හෝ සිවිල් ප‍්‍රජාවේ සාමාජිකයින් හෝ වුවද ජීවිත අහිමිවූ සියල්ලන්ම ශ‍්‍රී ලාංකික පුරවැසියෝය. ශ‍්‍රී ලංකාවේ උතුරේ හෝ දකුණේ කුමන ප‍්‍රදේශයක වුවද ඔවුන් මැයි 18 වන දා සමරණ අවස්ථාවේදී සෑම කණ්ඩායමක්ම, සෑම ප‍්‍රජාවක්ම අන් අය කෙරෙහි සිහියට නඟාගත යුතුය. ජය හෝ පරාජය සිහිපත් කිරීමෙන් සාමය ගොඩනංවා ගත නොහැක. සාමය ගොඩනැෙඟන්නේ අප බෙදාගන්නා දේ වලිනි. මෙහිදී ශ‍්‍රී ලංකාවේ ජනයා පොදුවේ බෙදාගත යුත්තේ යුද්ධය රටේ තම ¥ පුතුන් දුකට පත්කළ හා මරණයට ඇද දැමූ වගය. එහිදී මෙවැන්නක් කිසි දිනෙක සිදුනොවන බවට අප අදිටන් කර ගත යුතුය. මෙහිදී අප හැමගේ සිත්තුළ එකඟතාවයක් නිර්මාණය වී අතීතය ජය ගැනීමටත් හවුල් අනාගතයක් ඇතිකර ගැනීමටත් අදිටන් කරගත හැකිය. මේ අතරම රජය දිමිළ හා වෙනත් සුළුතරයන්ගේ දීර්ඝකාලීන දුක්ගැනවිලි විසඳීමට කටයුතු කිරීම අවශ්‍යය. මෙය හොඳම වර්ගයේ ප‍්‍රතිසංධානයයි.

OUR DONORS & PARTNERS

 
 
You are here: Home ප‍්‍රකාශන මුද්‍රිත ජයග‍්‍රාහී දිනයේ සිට සිහි කිරීමේ දිනයට මාරුවීම

Connect with us

Contact Information

Address: 12/14, Balapokuna Vihara Rd, Colombo 06.
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone: +94 11 281 8344, +94 11 285 4127, +94 11 280 9348
Fax: +94 11 281 9064


david-kilgour   |   writetoreconcile  |   www.outoftheframe.lk