The National Peace Council (NPC)

ta  en  getsinhala2

යාපනයේ සිදුවූ කලබල තුළ දේශපාලන පරිමාණද විය

යාපනයේ හා වෙනත් ප‍්‍රදේශවල හදිසියේම මතුවූ කලහකාරී කණ්ඩායම්වල ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විවිධ වූ අර්ථ නිරූපන දක්වා ඇත. විරුද්ධ පක්‍ෂයේ දේශපාලඥයින් දක්වන ආකාරයට යාපනයේ නැවත පදිංචි කරන ලද සිංහල ජනතාව මෙහිදී ඉලක්කවී ඇත. අන්අය පවසන පරිදි යාපනයේ යුද හමුදාව ඉවත්කොට ඒ වෙනුවට පොලීසිය යෙදවීම නිසා දැනට ජාතික ආරක්‍ෂාව අනතුරකට පත්වී ඇත. රට බෙදාගැනීමේ අපේක්‍ෂාවෙන් තවදුරටත් කටයුතු කරන දමිළ ඩයස්පෝරාවේ සමහර කොටස්වල සහාය ඇතිව කොටි අඩිපාරදිගේ ගමන් කිරීමක ආරම්භයක් ලෙස සමහරු මෙය දකිති. යාපනයේ සිදුවීම් පිලිබඳ මෙවැනි විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ යකඩ හස්තයකින් උතුර පාලනය කළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති කාලයේ පැවැති රජයක් සඳහා ආපසු යාමක් පිළිබඳ යාමේ සිතින් සිදුකරන කම්පාවීමකි. එහෙත් මෙය උතුරේ පවත්නා යථාර්ථය හෝ එහි ජනතාවගේ අපේක්‍ෂාව නොවේ.

යාපනයේ සිදුවූ සිවිල් ජන කලබල හා වෙනත් ප‍්‍රදේශවල සිදුවූ හර්තාල් ව්‍යාපාරවලට දින දෙකකට පසුව මම දුම්රියෙන් යාපනයට ගියෙමි. මා එහි යනවිට කිසිම ආකාරයේ ජනතා පෙලපාලි දැක්වීම් අධිකරණ නියෝගයකින් තහනම් කර තිබිණි. උසාවි සංකීර්ණයට ආසන්න ප‍්‍රදේහය මේ හේතුවෙන් එම ප‍්‍රදේශය පිළිබඳ රූපවාහිනි දර්ශනවලින් නගරය පාලූවෙන් පිරී ඇති බවත් එහි හමුදා පාලනය දැඩිව පවත්නා බවත් යමෙකුට හැඟීයා හැකිය. එහි වීදිවල විශාල හමුදා කණ්ඩායම් සිටියහ. එහෙත් ඔව්හු එහි සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධා කිරීමට කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. පසුගිය දශක කීපය මුළුල්ලේ එහි සාමාන්‍ය වටාපිටාවේ අංගයක්ව පැවති හමුදා පැවැත්ම කෙරෙහි තමන් හොඳට හුරුවී ඇති බව එහි ජනතාව තුළින් දක්නට ලැබිණි.

මගේ මුස්ලිම් මිතුරා හා මම දිවා ආහාර සඳහා මුස්ලිම් හෝටලයකට වඩාත් නිවැරිව කිවහොත් අතුරු පාරක පිහිටි මුස්ලිම් කඩයකට ගියෙමු. අපගේ මේසය ආසන්න මේසයේ ආහාර ගනිමින් සිටි පුද්ගලයා තවත් මුස්ලිම් වරයෙකු බව සිතමින් දමිළ භාෂාව හොඳින් කථාකළ හැකි මගේ මිතුරාට ඔහු හා කථාබස්කොට දැනට පවත්නා තත්ත්වය ගැන ඔහු සිතන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස කීවෙමි. පුදුමයකට මෙන් අප මුස්ලිම් වරයෙකුයැයි සිතා සිටි පුද්ගලයා සිංහල භාෂාවෙන් ඔහු සිංහලයෙකු බවත් ඔහු යාපනයේ බේකරියක් කරන බවත් ප‍්‍රකාශ කළේය. තමා මාතර සිට පැමිණි අයෙකු බවත් යාපනයේ බේකරි ආහාර වර්ගවල මිල ඉහළ බැවින් ඔහුට මෙහි යහපත් ජීවිතයක් ගත කළ හැකි බවත් පවසන ලදී. තම මෝටර් සයිකලය බේකරි ආහාර ගෙන් ගෙට ගොස් අලෙවි කිරීමේ වාහනය ලෙස ඔහු යොදාගෙන තිබිණි. මීට වසර පහකට පෙර තම වානිජ ව්‍යාපාරය ආරම්භ කළ කාලයේදී තමා හා තම මිතුරාට තරමක පළිගැනීමක් සිදුවුවද දැන් එවැනි කටයුතු සිදු නොවන බවත් දැන් ඔවුන්ට කිසිම තර්ජනයක් නොමැති බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

පොලීසියේ අක‍්‍රීයත්වය
යාපනයේ ආසන්නයේ පැවැති කුඩා දිවයිනක නව යොවුන් ගැහැණු ළමයෙකු ¥ෂණය කොට මරාදැමීමේ සිද්ධියක් මුල් කරගනිමින් යාපනයේ සිවිල් ජන ප‍්‍රචණ්ඩත්වය මතුවිය. වින්දිත වූ ගැහැණු ළමයාගේ පවුලේ සාමාජිකයින් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් කෙරෙහි කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රමාදය නිසා ආරම්භක ජනතා කෝපය පොලීිසිය කෙරෙහි යොමුවිය. පොලීසිය බොහෝ විට අවශ්‍ය කඩිනමකින් හෝ සාර්ථකත්වයෙන් තොරව කටයුතු නොකරන්නේය යන භංගත්ව හැඟීම රටේ වෙනත් ප‍්‍රදේශවල ද පවතී. මේ අවස්ථාවෙදීද පොලීසියේ ප‍්‍රතිචාරය වූයේ ඒ කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වීම හා මෙම ගැහැණු ළමයා සමහර විට වෙනත් පිරිමි ළමයෙකු හා පැන යන්නට ඇතැයි යනුවෙන් සැහැල්ලූවෙන් සිතා බැලීමය. ළමයාගේ පවුල හා පුළුල් සමාජය විශ්වාස කළේ පොලීසිය කල්තියා කි‍්‍රයාකාරීවූයේ නම් ළමයාගේ ජීවිතය බේරා ගත හැකිව තිබූ බවය. ළමයාගේ මෘත ශරීරය සොයා ගන්නා ලද්දේ ළමයා සාමාන්‍යයෙන් පාසලට ගමන් ගන්නා මාර්ගය හා ඒ අවට සොයා බැලූ ඇයගේ සහෝදරයා විසිනි.

තම නිවෙස්වල සිදුවූ මංකොල්ලකෑම් හා තම කාන්තාවන්ට සිදුකළ ¥ෂණ සම්බන්ධයෙන් පොලීසිය තුළ පවත්නා අක‍්‍රීයත්වය කෙරෙහි කාලයක් මුළුල්ලේ යාපන ජනතාව නොසතුටට පත්වී සිටියහ. මෙම ¥ෂණවලට පොලීසිය සම්බන්ධයැයි යාපන ජනතාව චෝදනා නොකරති. එහෙත් මෙම අක‍්‍රීයත්වයට හේතුව ‘‘වරදකරුවන්ට ඉඩහැරීම හා අනුබලදීමයයි’’ ඔව්හු සමහර විට සැකකරති. යාපනයේ මෙන්ම උතුරේ වෙනත් ප‍්‍රදේශවල සේවය කරන පොලිස් නිලධාරීන් ඈත ප‍්‍රදේශවල සිංලයින්වීම හා ඔවුන් තම ප‍්‍රජාවට අයත් නොවන අයවීම හා ඔවුන් අතින් සිදුවන අඩුපාඩු යාපනයේ ජනතාවට තවදුරටත් බරපතල බවක් පෙන්වයි. සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රාදය අගය කරන යුරෝපයේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රාදේශීය පොලීසිය සඳහා යොදවනු ලබන්නේ පිටස්තරයින් නොව එම ප‍්‍රජාවලට අයත් පුද්ගලයන්ය. නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන ජනතාව ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් මීට වඩා සාර්ථකව කටයුතු කිරීමට අසමත්වීම ගැන විරෝධය දැක්වීමක් ලෙස සාමාජයේ සාමාන්‍ය කටයුතු අත්හිටුවීමේ දිනයක් පැවැත්වීම සංවිධානය කළේ ගුරු සංගම් හා විශ්ව විද්‍යාල සිසුන් වැනි සිවිල් සංවිධාන සාමාජිකයින් බව යාපනයේදී මා හා කථාකළ සිවිල් සමාජ සාමාජිකයින් පවසන ලදී. එහෙත් අධිකරණ සංකීර්ණයට හා ඒ අසල වූ
ව්‍යාපාරික ආයතනවලට හානි සිදුකිරීම හා ගල්ගසා ඒවාට අලාභ හානි සිදුකිරීම වැනි ප‍්‍රචණ්ඩකාරී කටයුතු මෙම කණ්ඩායම් සැලසුම් කළේ ය යන්න ඔව්හු විශ්වාස නොකරති. ප‍්‍රසිද්ධ විරෝධය දැක්වීමේදී එම රංචුවට අයත් යම් කොටසක් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ගල්වලින් පහරදිම පටන් ගැණිනි. මේ අවස්ථාවේදී පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාර ඇරඹූ හෙයින් එහි සාමාන්‍ය කලබලකාරී තත්ත්වයක් මතුවිය. ප‍්‍රචණ්ඩත්වයට පෙළඹී අය පිටුපස දේශපාලන හස්තයක් හා ඔහුගේ න්‍යායයන් පැවැති බවත් මා සමග කථා කළ සිවිල් සමාජ සාමාජිකයින් තුළ විශ්වාසයක් පැවතිණි.

දේශපාලන අරමුණු
ලබන සැප්තැම්බර් මාසය වන විට නව රජයක් පිහිටුවන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශකිරීම ඒ හා නව ඡුන්ද විමසීමක් සිදුවන බව පෙනීයාම හේතුවෙන් සියලූම දේශපාලන පක්‍ෂ හා දේශපාලන අපේක්‍ෂකයින් තම බලවේග පෙලගැස්වීමට කටයුතු කරන අතර ඉතිරි අය එසේ කිරීමට වහ වහා සූදානම් වෙමින් සිටිති. උසාවි සංකීර්ණයට ගල් ගසමින් හා සිවිල් සමාජයට අවහිර සිදුවන අයුරින් හැසිරුණු පුද්ගලයින්ගේ අනන්‍යතාව පිළිබඳව එක් මතයක් වන්නේ ඔහුන් යම් දේශපාලන න්‍යාය පත‍්‍රයක් සහිත දේශපාලන වශයෙන් සංවිධානය වූ කණ්ඩායමක් බවය. මොවුන්ගේ අරමුණ, යුද්ධය අවසන්වී වසර 6 ක් ඉක්මවා ඇතත් තවමත් උතුර අස්ථායි බවත් එය ප‍්‍රචණ්ඩත්වය දෙසට යොමුවී ඇති බවත් පෙන්වාදීම උදෙසා සමාජයේ කොටසක් සූදානමින් සිටින බවය.

මේ නිසා බලවත් හා එඩිතර පුද්ගලයෙකුගේ ශක්තිමත් යුදමය යාන්ත‍්‍රණයක අවශ්‍යතාව පෙන්වා දීමට ඔව්හු උත්සාහ දරති. ‘‘උතුරේ සන්නද්ධ හමුදාවන්ගේ ග‍්‍රහණය බුරුල් නොකරන, රට පාවා නොදෙන දේශපාලන නායකත්වයක් රටට අද අවශ්‍යවී ඇතැයි ජාතිවාදී හැඟීම්වලින් පිරි දේශපාලඥයින් බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කර ඇත.

උතුරේ හමුදා පැවැත්ම හා ශක්තිමත් රජයක් සඳහා දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරන්නෝ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය අත්කර දුන් මූලික සාධනයන් වලට අභියෝග කරති. උතුරු හා නැගනහිර පළාත්වලට යුදමය පසුබිමකින් පැමිණි ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉවත් කොට ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම සිවිල් පසුබිමකින් පැමිණි ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කිරීම මුල්කොට ගෙනය. මෙම පත්කිරීම් හේතුවෙන් රටේ උතුරු ප‍්‍රදේශයේ සමාජ හා දේශපාලන ජීවිතය තුළ පැවැති බිය හා අනාරක්‍ෂිතතාව පිළිබඳ සැකය සම්පූර්ණයෙන්ම ඉවත්වී ඇත. මෙය උතුරේ සිවිල් සමාජයේ පිළිගැනීමට හා ඇඟයීමට හේතුවී ඇත. ඇත්ත වශයෙන්ම නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම හා වරදින් බේරීසිටීමට ඉඩ සැලැස්වූ සුදු වෑන් රථ සංස්කෘතිය මකාදැමීමෙන් පසුව මෙම බිය මුළු රටින්ම බැහැර කර ඇත. උතුරේ හෝ දකුණේ යන කුමන ප‍්‍රදේශයක වුවද සිවිල් නොසන්සුන්වීම් හා කලහකාරී කණ්ඩායම් වල කටයුතු පසුගිය රජය මෑතක් වන තුරුම අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයෙන් මර්ධනය කළේය. මේබව නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලූම් කම්හල්වල සේවකයින්ගේ විරෝධය දැක්වීමේදී හා රතුපස්වල කාර්මික අපද්‍රව්‍ය වලින් තමන්ගේ බීමට ගන්නා ජලය අපිරිසිදු වීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධයන්හිදී හොඳින් දැකගත හැකිය. මේ අවස්ථා දෙකේදීම ජීවිතවලට හානිකරමින් විරෝධතා දැඩි ලෙස මර්දනය කරන ලදී. එහෙත් මේ අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්ව සඳහා පෙළඹීමකින් තොරව යාපනයේ කලබල සංසිදුවීමට රජය සමත්විය. රජය නීතයෙන් පිටට නොගොස් කටයුතු කරමින් 130 දෙනෙකු පමණක් සිර භාරයට ගන්නා ලදී. මට යාපනයේදී හමුවූ සිවිල් සමාජ සාමාජිකයින් පැවසුවේ හිර භාරයට ගන්නා ලද වැඩි දෙනෙකු ප‍්‍රචණ්ඩත්වය භාවිතා නොකළ බවත් ඔවුන් සාමකාමී විරෝධතාව දැක්වූ බවය. අධිකරණය ඉක්මණින් ඔවුන් නිදහස් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි. විෂම මර්ධන චක‍්‍රයට යොමුවීම වෙනුවට ආරක්‍ෂක හමුදාව අන්තවාදී කටයුතුවලින් මිදී සිටීම ගැන සිවිල් සමාජ සාමාජිකයින් අතිශයින්ම සතුටට පත්වී ඇත.

OUR DONORS & PARTNERS

 
 
You are here: Home ප‍්‍රකාශන මුද්‍රිත යාපනයේ සිදුවූ කලබල තුළ දේශපාලන පරිමාණද විය

Connect with us

Contact Information

Address: 12/14, Balapokuna Vihara Rd, Colombo 06.
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone: +94 11 281 8344, +94 11 285 4127, +94 11 280 9348
Fax: +94 11 281 9064


david-kilgour   |   writetoreconcile  |   www.outoftheframe.lk