The National Peace Council (NPC)

ta  en  getsinhala2

වදහිංසනය නතර කිරීමට බැරි ඇයි?

සටහන - ශාන්ත ඞී. පතිරන - මානව හිමිකම් කි‍්‍රයාධර

වද හිංසාව මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයක් වන්නේ ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකි අශිෂ්ඨ සම්පන්න කි‍්‍රයාවක් නිසාමය. එය සිදුකරන්නාගේ මෙන්ම ගොදුරු වන්නාගේද මනුෂ්‍යත්වය නිගාවට පවත්වන බව ඉතා පැහැදිලිය. එය එසේ වුවත් මෙම අශිෂ්ඨසම්පන්න කි‍්‍රයාව තවමත් පාලනය කල නොහැකි ලෙස අප රටේද සිදුවෙමින් පවතින බවට තහවුරු කෙරෙන බොහෝ සාධක ඇත.

ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ 11 වන වගන්තියට අනුව ” අනුව ”කිසිම තැනැත්තෙකු වදහිංසාවලට හෝ කෟෟර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකල යුතුය” ” යන්න සදහන් වූවත් 1994 / 22 දරණ වදහිංසාවට එරෙහි පනත මගින්ද ප‍්‍රබල නී’ිති සම්පාදනය කර තිබුනත් මෙම අණ පනත්වල අඩංගු වගන්ති, කරුණු කොතරම් ශක්තිමත් වුවත්, මානුෂ්‍යවාදීවුවත් ඒවා කි‍්‍රයාත්මක කරන යාන්ත‍්‍රනයේ ඇති දුර්වලකම් හේතුවෙන් මෙය පාලනය කිරීමට නොහැකි තත්වයකට පත්වී ඇත.

පොලීසිය, හමුදාව, අධිකරණය, මානව හිමිකම් කොමිෂම ප‍්‍රමුඛ කරගත් රාජ්‍ය යාන්ත‍්‍රනය තුළ ස්වාධීනත්වය, යහපාලනය, සෞඛ්‍ය සම්පන්න ලෙස කි‍්‍රයාත්මක නොවන්නේ නම් දේශපාලන අනවශ්‍ය මැදිහත්වීම්, ඇඟිලි ගැසීම් නතර නොවන්නේ නම් මෙම යාන්ත‍්‍රනය සෞඛ්‍ය සම්පන්න ලෙස කි‍්‍රයාත්මක කරවා ගැනීම සිදුකළ නොහැක්කකි. රටේ දේශපාලන බලය රදවාගෙන සිටින ප‍්‍රබල පුද්ගලයින්ගේ අණසකට සීමා නොවී නීතියේ ආධිපත්‍යට ප‍්‍රමුඛත්වය දෙමින් නීතිය මත පාලනයකට මෙම යාන්ත‍්‍රණය යොමුකර ගත යුතුවේ. 

විශේෂයෙන් කෲර අමානුෂික වදහිංසා කිරීම් පිළිබඳ පොලීසියට එල්ල වී ඇති චෝදනා සුළු පටු නොවේ. පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කිරීමේ කාලපරාශය තුළ එම සැකකරුට ශාරිරික මානසික කෲර අමානුෂික වදහිංසාවලින් තොරව සිටීමට ඇති අවස්ථා ඉතා අල්පය. ඇතැම් විට සැකකරුගේ ජීවත්වීමේ අයිතියද පැහැරගත් අවස්ථා එමටය. මෙම වදහිංසනයට ඉතා අහිංසකයින් නිර්දෝශීන් ගොදුරුවූ අවස්ථා ඉතා බහුලය. මේ නිසාම මෙම අහිංසකයින්ගේ මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ගේද මුළු ජීවිතයම අගාදයට ඇදදමා ඇත. වින්දිතභාවයට පත්කර ඇත. ඔවුන්ව සමාජයෙන් කොන්වීම තවත් සමාජ ප‍්‍රශ්නයකි. 

අධිකරණයෙන් දඬුවම් තීන්දු වීමට පෙර නීතියෙන් පරිභාහිරව පොලීසිය විසින් සැකකරුට ලබාදෙන දඬුවම්, සිදුකළ වරදට වඩා ඉතා දරුණු බව බොහෝ තොරතුරු හෙළි කරයි. නමුත් වරප‍්‍රසාදලත් ඇතිහැකි ප‍්‍රබල දේශපාලන බලය ඇත්තන් අත්අඩංගුවට පත්වීමේදී පොලීසියේ සැලකිලි හාත්පසින්ම වෙනස්ය. පොලීසියේ වදහිංසනයට ගොදුරු වූ අති බහුතරයක් ඉතා දිළිඳු අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින්වීම මෙම සැලකිලිවල වෙනස වටහා ගැනීමට හොඳම සාධකයකි. ඇතැම් සමාජ කොටස් වලින්ද මේ සඳහා ප‍්‍රබල අනුබලයක් ලැබේ. මෙම සමාජ කණ්ඩායම් පොලීසිය බලා සිටියදීම සැකකරුට වදහිංසා කිරීම සිදුකරයි. පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරු පොලීසියේ පහරකෑමට, වදහිංසාවට ලක්නොවුනහොත් එය අසම්පූර්ණ කි‍්‍රයාවලියක් බව ඇතැම් සමාජ කොටස් පිළිගනී. මේ අනුව පොලීසියේ අත්අඩංගුවට පත්වූවත් වදහිංසනයට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් ලෙස පවත්නා සමාජ ආකල්ප තහවුරු කරයි. 

මෙවැනි පසුබිමක් තුළ වදහිංසාව තුරන් කිරීම සඳහා නීතිගතවී ඇති යාන්ත‍්‍රණය මනුෂවාදී කිරීමත්, වදහිංසාවට එරෙහිව රටවැසියන්ගේ ආකල්ප සංවේදී කිරීමත් ප‍්‍රබල අභියෝගයකි. 

එහිදී පොලීසියේ කි‍්‍රයාකලාපයන් විශේෂ කොට සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ. සැකකරුවන්ට වදහිංසා නොකර තොරතුරු ලබාගැනීමට නොහැකිය යන ආකල්පය ඉවත් කිරීමට කටයුතු නොකරන තාක්කල් මෙම මූලික අයිතිය උලංඝණය වීම නොකඩවා පවතින්නේය. 

නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් මෙම වදංහිසනයට අනුබල දෙන තවත් ප‍්‍රධාන සාධකයකි. පරිභව කිරීම්, පරුෂ වචනයෙන් බැනවැදීම් ආදි කි‍්‍රයාවලින් වදහිංසනය ආරම්භ වේ. සැකකරු රදවා සිටින 2 සිරමැදිරියේදී සැකකරුට හිමිවිය යුතු ආහාර, මූලික සනීපාරක්‍ෂක පහසුකම් නැති කරයි. සීමා කරයි. ඥාති හිතමිතුරන්ව බැලීමට, නිලධාරීන්ගෙන් කරුණු විමසීම ආදි අවස්ථා නැතිකරයි. සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම වදහිංසා චක‍්‍රයේ දරුණතම අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙවැනි ප‍්‍රශ්න කිරීම් වලදී ශාරීරක මානසිකව, වදහිංසනය කිරීමට වෘත්තීය වශයෙන් හුරුපුරුදුවූ පොලිස් නිලධාරීන් ඔවුනට රිසිසේ එම කටයුතු සිදුකරයි. ඇතැම් විට එම නිලධාරීන් යම් විකෘති මානසිකත්වල ජීවත්වන බව පෙනේ. අයෙකු වදහිංසනයට ලක්කර ආත්ම තෘප්තියක් ලැබීමට ඔවුන් පුරුදුව සිටී. 

ඕනෑම පොලීසියක් තුළ නිල නොවන ලෙස වදහිංසා සඳහාම වෙන්වූ අදුරු කාමර ස්ථාන ඇතිබව කවුරුත් දන්නා රහසකි. ඒවා නැවැත්වීමට කිසිදු රාජ්‍ය පාර්ශවයකින් පියවර ගෙන නොමැත. මේ අනුව බලන කල නිල නොවන ලෙස රජයද වදහිංසාවට අනුබල දී ඇත. 

වදදීම සඳහා භාවිතා කරන ඇතැම් ක‍්‍රමවලින් සැකකරු ඉතා දීර්ඝ කාලීනව හෝ සදාකාලිකව රෝගී වේ. ආබාධිත වේ හෝ ඉක්මණින් මියයයි. නීතියේ රාමුවට හසු නොවී වදහිංසා කිරීමේ ක‍්‍රමද ඇති බව දැනගන්නට ඇත. සැකකරුව අධිකරණ වෛද්‍යවරයාගේ සෘජු පරීක්‍ෂාවට, බැලූ බැල්මට හසු නොවන ලෙස මෙම වදහිංසා සිදුකරයි. 

උදාහරණයක් ලෙස ඝනකම ලොකු පොතක් හිසමත තබා පොල්ලකින් වැරෙන් පහරදීම, මිරිස් කොච්චි වැනි දැඩි දැවිල්ල ඇති ද්‍රව්‍ය රහස් ප‍්‍රදේශවලට දැමීම ආදී ක‍්‍රම මගින් ශරීර තැලීම්, කැඞීම්, තුවාල තිබෙන බවත් නොපෙනේ. මෙසේ විවිධාකාර වදහිංසන සිදුකර සිදුනොකළ වරදකට වරදකරු කිරීම බහුලව සිදුවන්නකි. ඒ අනුව බලහත්කාරයෙන් ගන්නා පාපොච්චාරණ නිර්මාණයවීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වී ඇත. පැය 24 ක් තුළ සැකකරුව මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ නීතියද බොහෝ විට කි‍්‍රයාත්මක වන්නේ ඉතා අහිතකර ලෙසටය.

සැකකරු පිළිබඳ ඇතැම් මහේත‍්‍රත්වරුන්ගේ අවධානය, සැලකිල්ල නැතිකම නිසාම අනපේක්‍ෂිත දැඬුවම් හා රිමන්ඞ්ගතවීම් බහුලව සිදුවේ. අවම වශයෙන් සැකකරු දෙස බලන්නේ නැතිව, වදහිංසනටය ලක්කර ඇතිද, නැද්ද යන වග විමසන්නේද නැතිව තීරණ සටහන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. පොලීසිය විසින් බොරු චෝදනා මත පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත්කිරීම බහුලව සිදුවන්නකි. බොරු චෝදනා බව ඔප්පු වූවත් එම පොලිස් නිලධාරීන්ව දඩුවමකට යටත්වන්නේ නැත. පානදුර අධිකරණයේ සේවයේ මහෙස්තා‍්‍රත් නියෝගයක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරණ ලද අංක ීක්‍:ත්‍ඍ* 298රැු2005 දරණ නඩුව එක් උදාහරණයකි. අනෙක් අතට වදහිංසාව සිදුකළ පොලිස් නිලධාරින්ට ඇති බිය නිසා සැකකරු විසින් පහරදුන් බව මහේත‍්‍රත්ට නොපැවසීම යුක්තිය පසදලීමට බලවත් පාඩුවකි. 

වදහිංසාවට ගොදුරු වූ වින්දිතයාගේ යුක්තිය පසිදාලීමට අධිකරණ වෛද්‍යවරයාගේ වෛද්‍ය නිරීක්‍ෂණ ඉතාමත් ප‍්‍රබල සාක්ෂියකි. නමුත් පොලිස් නිලධාරීන්ට පක්‍ෂග‍්‍රාහීව වෛද්‍ය සාක්කි නිකුත් කිරීම, වින්දිතයා පරීක්‍ෂා නොකිරීම, ස්වාධීනව නිරීක්‍ෂණයන් නොකිරීම ආදි චෝදනා බොහොමයක් ඇතැම් අධිකරණ වෛද්‍යවරුන්ට ගොනුවී ඇත. පානදුර උසාවියේ නඩු අංක 63000 මගින් පානදුර රෝහලේ අධිකරණ වෛද්‍ය වරයෙකුට එරෙහිව පැවරූ නඩුව රාශියක් අතරින් එක් උදාහරණකි. 

වින්දිතයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට ගාස්තු ලබාගන්නා ඇතැම් නීතීඥවරුන්ගේ කි‍්‍රයාකලාපය නිසා වින්දිතයා තවත් වින්දිත තත්ත්වයනට පත්වන අවස්ථා බොහෝය. නඩුවාර ගණන දික්කර ගැනීමටත්, ඇතැම් විට අපරාධය සිදුකළ පොලිස් නිලධාරීන්ට වාසි වන ලෙස උපක‍්‍රමව කටයුතු කිරීම, මහේස්ත‍්‍රාත්වරයාට පැවසිය යුතු අත්‍යවශ්‍ය කරනු පැහැදිලිව නොපැවසීම ආදී කරුණු හඳුනාගත් නීතීඥවරුන්ගේ අක‍්‍රමිකතා ලෙස සැලකිය හැක. 

වදහිංසා අවම කිරීමේ අරමුණින් සම්මත කරගත් රජයේ 1994/22 දරණ පනත කි‍්‍රයාත්මක වීමේ ස්වරූපය අනුවත්, වදහිංසාවට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී වින්දිතයින්ට මුහුණපාන්නට සිදුවන අසීරුතා සැලකිල්ලට ගැනීමේදී නීතිපතිවරයාගේ මෙන්ම අගවිනිසුරු වරයාගේ නිසි සැලකිල්ල, අවධානය මෙම වින්දිතයින් වෙත යොමුවී ඇත්ද යන්න ප‍්‍රශ්න සහගතය. ඔවුන්ගේ නීතිමය බල පරාශය තුළ වින්දිතයාගේ යුක්තිය ඉටුවීමට ලබාදී ඇති අනුබලය පිළිබඳ ද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නැත. 

උදාහරණයක් ලෙස මෙම පනත යටතේ මේවනවිට ගොනුකර ඇති නඩු 54 අතරින් අවසන්කර ඇත්තේ නඩු 4 ක් පමනක් බවත් 2008 න් පසු මේ සදහා කි‍්‍රයාත්මක වූ පොලිස් විමර්ෂණ ඒකකය අකි‍්‍රයවීම නිසා මෙම පනත යටතේ නඩු පැවරීම් ඉතා දුර්වල තත්වයක පවතින බවත් මෑතකදී ආසියානු මානව හිමිකම් කොමිෂම මගින් පලකල වාර්ථාවක සදහන් වේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ඇති බලතල ප‍්‍රකාරව වදහිංසා පිළිබඳ පැමිණිලි විභාගකර , විමර්ශණය කර අපරාධ සිදුකළ නිලධාරීන්ට එරෙහිව නිර්දේශ නිකුත් කිරීමට ප‍්‍රබල බලයක් ඇත. නමුත් එම නිර්දේශ පොලිස් දෙපාර්තමේන්තුව හෝ අදාල රාජ්‍ය ආයතන විසින් නිසිලෙස කි‍්‍රයාත්මක නොකරන්නේ නම් කොමිෂමට ඇති බලය භාවිතයෙන් වින්දිතයාට නිසි යුක්තිය ඉටුකරවා ගැනීම අවිනිශ්චිතය. එසේ නිර්දේශ කි‍්‍රයාත්මක නොවීම නිසා අගතියට පත් 700 පමණ පිරිසක් නිර්දේශ ලාභීන්ගේ සංවිධානයක පිහිටුවා එවා ඉටකර ගැනීමට යම් සටනක නියැලෙන බව රයිට් ටු ලයිප් : ඍසටයඑි එද කසෙැ * නම් සංවිධානයේ ප‍්‍රකාශණයක සදහන් වේ. තවද ඇතැම් විමර්ශණ හුදෙක් අපරාධ වලට වගකිවයුතු පාර්ශ්වයට පක්‍ෂග‍්‍රාහීව සිදු කරන බවත්, ලබාදෙන නිර්දේශ මගින් වින්දිතයාට සිදුවී ඇති හානියට සාපේක්ෂව දඬුවම් ඉතා සුඑ බවත්, ප‍්‍රමාණවත් නොවන ඉතා සුළු වන්දි නිර්දේශවීම ආදි කරුණු නිසා වින්දතයින් කොමිෂම පිලිබද බරපතල අතෘප්තියට පත්වී ඇති බවට බොහෝ සාධක ඇත. 

වදහිංසාව කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි වලින් තොරව ජීවත්වීමේ අයිතිය කිසිවෙකුට වෙනස් කළ නොහැකි මූලික අයිතියකි. මෙය රැුක ගැනීමට සිවිල් සමාජයට, සිවිල් සංවිධානවලට පැවරී ඇති වගකීම ඉතා බැරූරුම්ය. අනාගතයේ ශ‍්‍රී ලංක වැසියන්ගේ මෙම මූලික අයිතීන් ආරක්‍ෂාකර ගැනීම, මානව ගරුත්වයේ පැවැත්ම තීරණය වන්නේ සිවිල් ප‍්‍රජාවගේ, සිවිල් සංවිධානවල කැපවීම මත බව පැහැදිලිව පෙනීයන කරුණකි. හුදෙක් බලය රදවා ගැනීම කේන්ද්‍ර කර ගනිමින් පමණක් කි‍්‍රයාත්මක වන රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් සිදුකරන විවිධ බලපෑම් හා අධෛර්යමත් කිරීම් හමුවේ නොසැලී මෙම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධය අවම කිරීමට වෙර දරණ මානව හිමිකම් සුරැුකීමේ සංවිධානවලට, එම කි‍්‍රයාධරය්න්ට මානව හිතවාදී කාගේත් ධෛර්ය ලබාදීම කාලීණ අවශ්‍යතාවයකි.
--------------- --------------------------- -------------------------- ---------------------- ------------

OUR DONORS & PARTNERS

 
 
You are here: Home ප‍්‍රකාශන මුද්‍රිත වදහිංසනය නතර කිරීමට බැරි ඇයි?

Connect with us

Contact Information

Address: 12/14, Balapokuna Vihara Rd, Colombo 06.
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone: +94 11 281 8344, +94 11 285 4127, +94 11 280 9348
Fax: +94 11 281 9064


david-kilgour   |   writetoreconcile  |   www.outoftheframe.lk