The National Peace Council (NPC)

ta  en  getsinhala2

ජනතා විශ්වාසය දිනා ගැනීම ආරක්‍ෂාව සහතික කරයි

ආචාර්ය ජෙහාන් පෙරේරා
සාම්පුර් ප‍්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘති සඳහා අක්කර 800 ක් වෙන්කර දීමටත්, ඉතිරි නිදහස් කර ගත් ඉඩම් එම ප‍්‍රදේශයේ අවතැන්වූ ජනයා නැවත පදිංචිකරවීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතුවලට ඉඩ සැලසීම සඳහා මෙම ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නාවික කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ඔහු නියෝග කර ඇත. එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවැති සාම්පූර් ප‍්‍රදේශය 2006 දී ශ‍්‍රී ලංකා හමුදාව නැවත අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ජනතාව අවතැන් විය. සාම්පූර් ප‍්‍රදේශයේ පවත්නා යුද්ධමය උපාය මාර්ගික පිහිටීම නිසා ඒ අසල පැවැති ති‍්‍රකුණාමල වරායට සහ එහි නාවික කඳවුරට කාලතුවක්ක ප‍්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ය සාම්පූර් ප‍්‍රදේශය යොදා ගන්නා ලදී. ඉන්පසුව මෙම ප‍්‍රදේශය රජය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය නාවික කඳවුරක් හා අධි ආරක්ෂක කලාපයක් පිහිටුවීම ඇතුළු රජයේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබිණි.

Read more...

ජයග‍්‍රාහී දිනයේ සිට සිහි කිරීමේ දිනයට මාරුවීම

2009 වසරෙන් පසුව මැයි 18 වන දිනය බෙදීයාමේ හැඟීම් ඇතිකරන දිනයක් විය. උතුරේ යුද පිටියකදී යුද්ධය අවසන් වූ දිනය මෙය විය. දශක තුනක කාලයක් රටපුරා පැතිරී පැවැති ත‍්‍රස්තවාදයේ නිමාව හා සාමයේ උදාව මෙයින් අදහස් විය. එය රටේ උතුරේ හා නැගෙනහිර ප‍්‍රදේශ වෙන්කර ගැනීමට එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයට සහාය දුන් දමිළයින්ට කිසිවක් ලබානොගත් අරගලයක අවසානය විය. මෙය තම කි‍්‍රයාමාර්ග සාධාරණීකරණය උදෙසා ශ‍්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ ය විවිධ වූ තර්කයන් යොදාගත්, වෙනස් ස්වභාවයේ අර්ථ දක්වන ලද පූර්ණ වශයෙන්ම වෙනස් වූ කි‍්‍රයාමාර්ග දෙකක් බව බි‍්‍රතාන්‍ය දමිළ සංසදයේ සභාපති එස්.ජේ. එමානුවෙල් පියතුමා බෙදා දක්වයි. රජයට එය ද්‍රවිඩ ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් සහ යුද්ධයේ අවසන් කිරීමකි. සාමයේ ආරම්භයකි. එහෙත් දමිළයිනට එය තවත් සිවිල් ජනතාවක් සහ සටන්කාමීන් පිරිසක් ඝාතනය කිරීමකි. සිරභාරයට ගැනීම ව්‍යාප්ත කිරීමකි. තවදුරටත් යුදකාමීත්වය වැපිරීමකි. ඉඩම් කොල්ලයකි. පුද්ගලයින් අතුරුදහන් කිරීමකි. ’’

Read more...

යාපනයේ සිදුවූ කලබල තුළ දේශපාලන පරිමාණද විය

යාපනයේ හා වෙනත් ප‍්‍රදේශවල හදිසියේම මතුවූ කලහකාරී කණ්ඩායම්වල ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විවිධ වූ අර්ථ නිරූපන දක්වා ඇත. විරුද්ධ පක්‍ෂයේ දේශපාලඥයින් දක්වන ආකාරයට යාපනයේ නැවත පදිංචි කරන ලද සිංහල ජනතාව මෙහිදී ඉලක්කවී ඇත. අන්අය පවසන පරිදි යාපනයේ යුද හමුදාව ඉවත්කොට ඒ වෙනුවට පොලීසිය යෙදවීම නිසා දැනට ජාතික ආරක්‍ෂාව අනතුරකට පත්වී ඇත. රට බෙදාගැනීමේ අපේක්‍ෂාවෙන් තවදුරටත් කටයුතු කරන දමිළ ඩයස්පෝරාවේ සමහර කොටස්වල සහාය ඇතිව කොටි අඩිපාරදිගේ ගමන් කිරීමක ආරම්භයක් ලෙස සමහරු මෙය දකිති. යාපනයේ සිදුවීම් පිලිබඳ මෙවැනි විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ යකඩ හස්තයකින් උතුර පාලනය කළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති කාලයේ පැවැති රජයක් සඳහා ආපසු යාමක් පිළිබඳ යාමේ සිතින් සිදුකරන කම්පාවීමකි. එහෙත් මෙය උතුරේ පවත්නා යථාර්ථය හෝ එහි ජනතාවගේ අපේක්‍ෂාව නොවේ.

Read more...

වදහිංසනය නතර කිරීමට බැරි ඇයි?

සටහන - ශාන්ත ඞී. පතිරන - මානව හිමිකම් කි‍්‍රයාධර

වද හිංසාව මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයක් වන්නේ ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකි අශිෂ්ඨ සම්පන්න කි‍්‍රයාවක් නිසාමය. එය සිදුකරන්නාගේ මෙන්ම ගොදුරු වන්නාගේද මනුෂ්‍යත්වය නිගාවට පවත්වන බව ඉතා පැහැදිලිය. එය එසේ වුවත් මෙම අශිෂ්ඨසම්පන්න කි‍්‍රයාව තවමත් පාලනය කල නොහැකි ලෙස අප රටේද සිදුවෙමින් පවතින බවට තහවුරු කෙරෙන බොහෝ සාධක ඇත.

Read more...

උතුරු පළාත් සභා මහඇමතිවරයා ඉල්ලා සිටින සුසමාදර්ශී වෙනස

February 25, 2014 | Filed under: Colombo Telegraph,සිංහල | Posted by: COLOMBO_TELEGRAPH
ජෙහාන් පෙරේරා

මේ මොහොතේ දේශපාලන විශ්ලේෂණ බොහොමයක් කෙරෙන්නේ, ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ගැනයි. ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙකක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වන බව පෙනේ. එකක් වන්නේ, ලංකාව වෙනුවෙන් යෝජනාවක් ලංකාවට සහයෝගය දක්වන රටවල් හරහා ගෙන ඒමයි. දෙවැන්න වන්නේ, යුද අපරාධ පිළිබඳව පිහිටුවිය යුතු යැයි යෝජනා වීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට, දකුණු අප‍්‍රිකානු පන්නයේ ‘සත්‍ය සහ සංහිඳියා’ කොමිසමක් දේශීය වශයෙන් පිහිටුවීම සඳහා දකුණු අප‍්‍රිකානු රජයේ සහයෝගය ලබා ගැනීමයි. කෙසේ වෙතත්, විමර්ශන ඇස යොමු විය යුතු තවත් වැදගත් සංසිද්ධීන් රටේ ඇති වෙමින් තිබේ. එයින් වඩාත් වැදගත් එකක් වන්නේ, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පැවතිය යුතු සම්බන්ධය පිළිබඳවත්, එකී දෙපාර්ශ්වය අතර බලය බෙදා ගැනීම පිළිබඳවත් වන කාරණයයි. අද කතා කරන යුද අපරාධවලට තුඩුදුන් යුද්ධයේ මූල හේතුව වන්නේ, බහුතර සිංහල බලය හොබවන මධ්‍යම ආණ්ඩුවත්, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් සමන්විත දෙමළ බහුතරයෙන් යුත් ප‍්‍රදේශත් අතර බලය බෙදාගැනීම අරභයා වන ගැටළුවයි.

Read more...

ජාත්‍යාන්තර සාම දින සැමරුම මන්නාරම

ජාත්‍යාන්තර සාම දින සැමරීම මෙවර මන්නාරම නගර ශාලාවේ දී 2013 ඔක්තෝම්බර් 12 වන දින පෙ’ව 9 සිට ප’ව 3 දක්වා අති උත්කර්ශවත් ලෙස පවත්වනු ලැබීය’

මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් එම්’වයි’එස්’දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන නැටුම් ගැයුම් සහ නාට්‍ය වලින් අලංකාර වී තිබිණ’මන්නාරම සර්ව ආගමික නායකයන් නියෝජ්‍ය නගරාධිපතිතුමන් ඇතුලූ සම්භාවනීය අමුත්තන් රුසක් සමඟින් 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහනට පැවත්විනි’ මෙවර ජාත්‍යාන්තර සාම දින තේමාව වුයේ සාමය සදහා අධ්‍යාපනය යන තේමාවයි’

Read more...

‘‘රුහුණු ගැමි කාන්තා සංවිධානයේ ’’

ස්වයං රැුකියාවන් හි නිරතවන්නන්ට මූල්්‍ය ශක්තිය
ශ‍්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කළ ‘‘රුහුණු ගැමි කාන්තා සංවිධානයේ ’’ ක්ෂේත‍්‍ර චාරිකාව පසුගිය ජූනි 25 සහ 26 යන දිනවලදී පවත්වන ලදි.
රුහුණු ගැමි කාන්තා සංවිධානය වසර දෙකක් පුරාවටම සිදු කළ ක‍්‍රියාකාරකම් පිළිබඳ ඇගයීමට ලක් කර අවශ්‍ය පහසුකරණය සැපයීමේ අරමුණින් මෙම ක්ෂේත‍්‍ර චාරිකාව සිදු කරනු ලැබිය.
මෙලෙස ඇගයීමට ලක් වූයේ රුහුණු ගැමි කාන්තා සංවිධානය හා එක්ව ක‍්‍රියාත්මක වන තෘණමූල මට්ටමේ සංවිධානයන්ය. එම සංවිධාන ගණන 28 කි.
මෙහිදී තෝරා ගත් සංවිධාන 25 ක් ඇගයීමට භාජනය කළ අතර ඉන් සුදුසුකම් ලත් විසිදෙනෙකු සඳහා රුපියල් දස දහස බැගින් වන ස්වයං රැුකියා ණය ආධාර ප‍්‍රදානය කරනු ලැබිය. මෙලෙස ස්වයං රැුකියා ණය ආධාර ප‍්‍රධානය කරනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ගඩොල් කර්මාන්තය, එළවළු අලෙවිය, තුනපහ වර්ග පැකට් කිරීම, ඇඳුම් මැසීම සහ මාළු වෙළඳාමේ යෙදුනු ස්වයං රැුකියාවන් හී නිරත වූවන්ටය.
මෙම ණය ආධාර ලබා දීම මගින් තමන් සිදු කරමින් සිටින ස්වයං රැුකියාව තවත් වර්ධනය කරගනු ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය අපේක්ෂා කරයි.
මෙම ඇගයීමේ ක‍්‍රියාවලිය තුළ ඉංග‍්‍රීසි මහ දෙමළ භාෂා කතන පංති පිළිබඳව ද අවධානය යොමු විය. ඉන් දෙමළ භාෂාව සාර්ථකව අවසන් කළ සිසුන් අතරින් එක් ශිෂ්‍යයෙක් මෙම වසරේ දෙමළ බසින් අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාහගයට ද පෙනී සිටීමට නියමිතය.
භාෂා කතනය පංති අතරින් ඉංග‍්‍රීසි භාෂා පංති ද සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

පොළොන්නරුව ගිරිතලේ දී පැවැති LLRC වැඩමුළුව

උගත් පාඩම් සහ ප‍්‍රතිසංධානය පිළිබඳ වූ පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එම කොමිෂමේ සභාපති සී.ආර්. ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේ 2011 වසරේ නොවැම්බර් මස 15 වැනි දා බවත් එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුව විසින් කළ යුතු බවත් නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පැවැසීය.
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධානය පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වූ දැනුවත් කිරිමේ වැඩමුළුවකට සහභාගී වෙමින් ලියන ආරච්චි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කළ මෙම වැඩමුළුව පසුගිය මැයි 29 සහ 30 යන දිනවල දී පොළොන්නරුව ගිරිතලේ හෝටලයේ දී පැවැත් විණි.
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධානය පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සහ එහි සඳහන් ‘‘සංක‍්‍රාන්තික යුක්තිය’’ පිළිබඳ දිස්ත‍්‍රික් ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබුණි.

Read more...

‘පුත්තලම - යාපනය’ අන්තර් හුවමාරු අධ්‍යන චාරිකාව

පුත්තලම වන්නි සංස්කෘතික පදනම සහ යාපනය කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය අතර අන්තර් හුවමාරු අධ්‍යන චාරිකාව පසුගිය මැයි 27,28,29 සහ 30 යන දිනවලදි යාපනය දිස්ත‍්‍රික්ය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලැබිය. උතුරු ප‍්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් වීම හා ඔවුන් සමග හොඳ හිත බෙදා ගැනීමේ අරමුණින් මෙම අධ්‍යන චාරිකාව සිදු කළේය.

Read more...

මන්නාරමේ දී පැවති LLRC සමුළුව

ජාතික සාම මණ්ඩලයේ ‘‘අන්තර් ආගමික සහයෝගය සහ සාමූහික ප‍්‍රජා ක‍්‍රියාකාරීත්වය තුළින් මානූෂීය අවශ්‍යතා සපුරා ගැනීම’’ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දැනුවත් කරන වැඩසටහනක් පසුගිය මැයි මස 17 සහ 18 යන දිනවල දී මන්නාරම ඥානෝදය පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

ජාතික සාම මණ්ඩලයේ දිස්ත‍්‍රීක් අන්තර් ආගමික ප‍්‍රජා ක‍්‍රියාකාරීන් උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ව දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

Read more...

OUR DONORS & PARTNERS

 
 
You are here: Home ප‍්‍රකාශන මුද්‍රිත

Connect with us

Contact Information

Address: 12/14, Balapokuna Vihara Rd, Colombo 06.
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone: +94 11 281 8344, +94 11 285 4127, +94 11 280 9348
Fax: +94 11 281 9064


david-kilgour   |   writetoreconcile  |   www.outoftheframe.lk